Monday, July 16, 2018

ගුවන්විදුලි නලිකාවන්හි ඉතිහාසය






90 දශකයෙන් මෙහාට එසේත් නැතිනම් මෑත කාලීනව ගුවන්විදුලි ක්ෂේත්‍රයේ නව මංපෙත් පිළිබඳව විමසා බැලීමේදී එක් එක් ක්ෂේත්‍රයන් ඔස්සේ ඒ කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති. එබැවින් සමස්තයක් ලෙස තෝරාගත් ගුවන්විදුලි නාලිකා කීපයකගේ ඓතිහාසික ස්මරණය අප එකී දශකයන් ඔස්සේ මේ දක්වා ඇතිකරගෙන ඇති ප්‍රවණතා ආශ්‍රියෙන් කතා කළ යුතුය. ප්‍රවණතාවයන්ගේ නිර්මාණාත්මක පසුබිම් ක්‍රියාවලියක් දැකීමට මේ ක්‍රියාවලිය තුළ ඒ සඳහා ඉතිහාසය යන කාරණය අනිවාර්යයෙන් අවශ්‍ය වන කරුණකි. කෙසේ වෙතත් නව ලෝකයට පියනගන පරම්පරාවක අලුත් පුරුක් ලෙස මෙකී කලාවන්ගේ ප්‍රවේශය දැන සිටීම යාවත්කාලීන බව කෙරෙහි උත්සාහගත ප්‍රයත්නයක් ලෙස හඳුන්වාදිය හැකිය.
                  90 දශකය යනු විකල්ප මාධ්‍යයන්ගේ ආගමනය සිදු වූ යුගයයි. 1971, 1983, 1988 වැනි කාල වකවානුවන්හි සිදු වූ භීෂණකාරී තත්වය, අරගල, කැරලි හේතු ප්‍රකාරයෙන් නිර්මාණය වූ නව ජන විඥානය කෙරෙහි නවතම ආකාරයේ බලපෑම ඇති වීමත් සමඟ සමස්ත තරුණ පරපුර වෙනස් ක්‍රමයක අපේක්ෂතාව ඉස්මතු කරනු ලැබීය. එක් රාමුවකට කොටු වී එහි ගමන් කිරීම විනා අන් යමක් නිර්මාණාත්මක පසුබිමකින් නොදැකීමේ හේතුව පදනම් කර ගනිමින් මෙකී විකල්ප වූ ශ්‍රව්‍ය කලාවක් ඒ කාලය තුළ බිහිවන්නට පටන් ගැනුනි. එම නිසා 90 දශකයෙන් මෙපිට කාලය යනු එකී සමාජීය පසුබිමක් සමඟ නව ප්‍රවණතාවයන් ගුවන්විදුලි ක්ෂේත්‍රය තුළ අත් කර ගත් අවදියකි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව

                 ලාංකීය ඉතිහාසය තුළ මුල් බැස ගත් හා මූල බීජය ලෙස හඳුනා ගන්නා ගුවන්විදුලි සංස්ථාව 1924 දී ගුවන්විදුලියක් ලෙස නිර්මාණය වන පළමු නාලිකාව බවට පත් වන්නේ ය. බි්‍රතාන්‍යය යුගය තුළ සිංහල ජනයාගේ හා එකල යම් යම් පරිපාලන නිළධාරීන්ගේ මැදිහත් වීම මත ගුවන්විදුලිය අවශ්‍යතාවය දැඩි ලෙස පෙන්වා දෙමින් 1920 හා 1924 යන කාලය තුළ සිදු කරනු ලැබූ යම් යම් පර්යේෂණයන් මූලික කර ගනිමින් 1924 වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බිහි වන්නේ ය. ලංකා ආධුනික සංගමය එහිදි වැදගත් වේ. ඊට ආමතරව එවකට සිටි එඞ්වඞ් හාපර් වැන්නවුන් ගුවන්විදුලියක අවශ්‍යතාවය පෙන්වා දී බලපෑම් කිරීමට උත්සුක විය. ඉන් අනතුරුව බි්‍රතාන්‍යයින් මේ සඳහා කමිටුවක් පත් කර මේ වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කර නිර්ණය කර ගත් පසු ලාංකීය ප්‍රථම ගුවන්විදුලිය බිහි වන්නේ ය. මෙසේ කොළඹ රේඩියෝව ලෙස මුල් නාලිකාව බිහි වෙද්දී ඉන් එහාට අද වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අනුබද්ධිතව නාලිකා 8ක් ක්‍රියාත්මක වන බව කිව යුතුය. කෙසේ නමුත් ගුවන්විදුලියක් ලෙස පටන්ගත් දා සිට අද වන විට බොහෝ සේවාවන් නිර්මාණය වූ බව කිව යුතුය.
                ඒ අනූව පහත අකාරයට 90 දශ්කයෙන් පසු ගුවන්විදුලි සේවවන්ගේ විකාශය පහත ආකාරට අනුගත කළ හැක.
1990 - විදේශ සේවාවක් ලෙස කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවාව
1991 – සංවර්ධන තොරතුරු ගමට රැගෙන යෑම සඳහා ග්‍රාමීය ගුවන්විදුලි සේවාව
1991 – කොත්මලේ ප්‍රජා ගුවන්විදුලි සේවය
1995 – විශ්ව ශ්‍රවණී ගුවන්විදුලි සේවය
1996 – දෙමළ වෙළෙඳ සේවය
1996 – ශ්‍රී ලංකා එෆ් එම් සේවය
1996 ලක්හඬ සේවය. මෙය බත්තරමුල්ල ස්වාධීන රූපවාහිනි සේවය සමඟ පසුකාලීනව ඒකාබද්ධ විය. අද වන විට එක් කොටසක් පෞද්ගලිකීකරණය වී ඇත.
2012 – ටයිම් රේඩියෝ සේවාව ආරම්භ කිරීම
              මේ ආකාරයකට ශ්‍රී ලංකා ඉතිහාසයට වැදගත් වන අයුරින් මෙන්ම සමාජීය ජලයයක් මෙහි වැඩ කටයුතු සිදු කර ඇති අතර අද වන විට ගුවන්විදුලි සංස්ථාවට ඒකාබද්ධව පවතින සේවාවන් පහත ආකාරයට නම් කළ හැකිය.
සිටි එෆ් එම්
සිංහල ජාතික සේවය
සිංහල වෙළෙඳ සේවය
රේඩියෝ ශ්‍රී ලංකා
තෙන්ඩ්‍රල් එෆ් එම්
දෙමළ ජාතික සේවය
ආසියා සේවය
යාල් එෆ් එම්
              යනාදී ලෙස නාලිකාවන් බිහි වී ඇති බව කිව යුතුය. මෙසේ ඉතිහාසය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනවා සේම 90 දශකයෙන් පසු බොහෝ වෙනස්කම් ඇති වී ඇති බවද කිවයුතුය. එකල දේශපාලන, සමාජීය හා ආර්ථික අංශයන්ගේ බලපෑම් මත මෙකී තත්වයන් එදා සිට අද දක්වා කාලය තුළ වෙනස් වන්නට ඇතැයි කිව හැක.

සිරස FM

                මෙකී පසුබිම තුළ විෂය ක්ෂේත්‍රයන් ගණනාවක විශේෂ ප්‍රවණතාවයන් කීපයක් ඇති වූ නාලිකාවක් ලෙස සිරස පෙ හඳුන්වා දිය හැකිය. ලංකාවේ විකල්ප ධාරාවේ ලෙස ඇති වූ ප්‍රථම පෞද්ගලික නාලිකාව වන්නේ සිරස පෙ නාලිකාව යි. සමස්ත ජන ජීවිත හැසිරීම් නව මානයකට රැගෙන යන්නට උත්සහ ගත් එමෙන්ම සාර්ථක වුනු නාලිකාවක් ලෙස හඳුන්වා දිය හැකිය. මහරාජා අයතනය විසින් 1994 මැයි මස 02 දින සිරස එෆ් නාලිකාව ආරම්භ කිරීමත් සමඟ ගුවන්විදුලි සංස්ථාව කෙරෙහි නව තාක්ෂණය බද්ද වන්නට පටන් ගැනුනි. මෙම නාලිකාවේ ආරම්භයත් සමඟ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ නව ගමනක් ඇරැඹුණා යැයි කීම වරදක් නොවේ. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවන්ගේ ප්‍රථම නාලිකාව බවට පත් වන සිරස පෙ සමස්ත් ජන විඥානය කෙරෙහි ප්‍රබල බලපෑමක් කර ඇත. ඉන්දියානු පසුබිමක් සහිත ව්‍යාපාරිකයෙකුගේ මහාරාජා නැමති ආයතනය විසින් දියත් කර පෞද්ගලික අපේක්ෂා පෙරදැරි කරගනු වස් නිර්මාණය වුනු මෙම නාලිකාව අද වන විට ඉතා දියුණු තත්වයක පවතී. කෙසේ වෙතත් මහරාජා ආයතනය සිරස පෙ ඔස්සේ පටන් ගත් ගුවන්විදුලි ගමන් මගෙහි තවත් පියවර කීපයක් ලෙස ශැි ත්‍පල ීය්නඑයස ත්‍පල ශ ත්‍ප   හඳුන්වා දිය හැකිය. මෙසේ සමස්ත ගුවන්විදුලි ක්ෂේත්‍රයටම විශාල බලපෑමක් කළ මුල් ගුවන්විදුලි ලෙස ද මාහට නිර්ණය කළ හැකිය.


හිරු ගුවන්විදුලි නාලිකාව

විකල්ප ධාරාවේ ගුවන්විදුලි සේවාවන් බිහි වීමෙන් පසු පෞද්ගලික ගුවන්විදුලි සේවාවන් යනු ශ්‍රී ලාංකික සමාජය තුළ සාමාන්‍යකරණයට ලක් වූ ධූරාවලියක් විය. එකී තත්වය තුළ 1998 දී (්ඊක්‍ ඍ්ාසද බැඑඅදරන) හිරු ෆ්ම් නාලිකාව සමාජයට නව අර්ථයක් ලබා දෙමින් ස්ථාපිත වන්නේ ය. එසේ ස්ථාපිත වූ හිරු නාලිකාවේ අයිතිකරු හෙවත් එහි සභාපති ධූරය හොබවනේන් රේනෝ සිල්වා ය. ඓතිහාසිකගත කාරණා වැදගත් ලෙස අධ්‍යයනය සඳහා නොතිබුනත් අපහට තොරතුරු ලබා දුන්නවුන් පවසන්නට යෙදුනේ මෙහි නව්‍ය වූ අරමුණු රැසක් සමඟ මෙය ස්ථාපිත වූ බවයි.
මෙමෙ නාලිකාව මුලින්ම නිර්මාණය වන්නේ විනෝදාස්වාදය යන කරුණ මත පදනම්වය. ඊට අමතරව මේ වන විට සමාජ සත්කාර සඳහා නියෝජනය වන නාලිකවක් බවට පත්ව ඇත. මුල් කාලීන සමාජය තුළ එනම් 60 සහ 70 දශකයන් තුළ නොතිබුනු නව සමාජ පරිවර්තනයක් තුළ මෙවන් විනෝදජනක දෑ සමජය එකහෙලා පිලිගැනීමට මැලි වූයේ නැත. ඒ හෙතුව නිසාවෙන් අදවන විට මෙම නාලිකාව ඉතිහාසයට වඩා වැඩි ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත. හිරු නාලිකාව ආරම්භ වීමෙන් පසු එහි වර්ධනීය ස්වභාවයත් සමඟ එහා සම්බන්ධ වෙමින් මෙම සභාපති හා එහි මණ්ඩලයට අනුබද්ධ කොට ගනිමින් ඨදකා ත්‍පල ීමබ ත්‍පල ීදදරසහ්බ ත්‍පල ීය් ත්‍ප නාලිකාවන් බිහි විය. මෙම කාරණා 90 දශකයේ සිට මේ දක්වා කාලය තුළ වඩා ප්‍රවර්ධනීය කාරණා ලෙස සඳහන් කළ හැකිය.

දෙරණ ගුවන්විදුලි නාලිකාව

               මෙම නාලිකාව නිර්මාණය වන්නේ ඡදඇර යදමිැ ඛඑා නැමති ආයතනය හරහා ය. මෙම නාලිකා පෞද්ගලික ආයතන වේ. එමෙන්ම මේවා විශාල වියදමක් දරා කළ යුතු ඒවා මෙන්ම මේ සඳහා රජයෙන් අවසර පත් ලබා ගත යුතුය. මේ සඳහා විශාල ප්‍රාග්ධන පිරිවැයක් කළ යුතුය. මේය සේවයක් ලෙස පෙනුනද මේ සියල්ල ව්‍යාපරයන් ය. 90 සිට එන ගමන් මඟ තුළ පෞද්ගලික මාධ්‍ය ආරම්භයත් සමඟ රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරය බිඳගෙන ජනප්‍රියත්වය කරා යෑමට ප්‍රථම ගුවන්විදුලි නාලිකාව ලෙස සිරසට හැකි වීමත් සමඟ ඊට පසු ඒ මාර්ගය ඔස්සේ නව්‍යකරණයන් උදා කර ගනිමින් නිර්මාණය ගුවන්විදුලි නාලියක් ලෙස හිරු එෆ් එම් නාලිකාව හඳුන්වා දිය හැකිය. එසේම මෙකී කරණාවන්ගෙන් ව්‍යාපරිකයන්ට මෙය හොඳ ව්‍යාපරයක් මෙන්ම මාධ්‍ය වට සිවිල් බලයක් නිර්මාණය වන ආකාරයට මේම මාධ්‍ය ක්‍රියාකාරීත්වය ඔවුන් විසින් තෝරා ගන්නට විය. මුදල හා බලය මත මේවා තීරණය විය. කෙසේ නමුත් සැබෑ යථාර්ථය බවට පත් වන්නේ මාධ්‍යයක් යනු දැවන්ත ප්‍රාග්ධනයක් ඇති පුද්ගලයකු තමන්ගේ තවත් ව්‍යාපාරයක් ලෙස තවත් ධනය රැස් කර ගැනීමේ අරමුණෙන් ව්‍යාපරයක් ලෙස ගොඩනඟා ගන්නා ලද්දකි. මේ ආකාරයේ අරමුණකින් හා ඉතිහාසයකින් එෆ් එම් දෙරණ 2009 වසරේ මාර්තු 29 ආරම්භ විය. මෙහි හිමිකරුවන් ලෙස කටයුතු කරනු ලබන්නේ දිලීප් ජයවීර හා වරුණි ජයවීර යි. මෙම මාධ්‍ය සම්බන්ධ වන ආයතනයට ඔඪ දෙරණ, අද දෙරණ, ප්ජරද ැබඑැරඒසබපැබඑ යන ඒවා අතුළත් ය.


සිත ගුවන්විදුලි නාලිකාව

                මෙම නාලිකාව සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් නැත. මෙහි ඇත්තේ මෑත කාලීන ඉතිහාසයකි. 2016 අප්‍රේල් මස ආරම්භ වන මෙම නාලිකාව වර්තමාන ගුවන්විදුලි නාලිකා වලට සාපේක්ෂව ප්‍රශස්ත ගුවන්විදුලි නාලිකාවක් ලෙස එකම රටාවකට දෝලනය වන නාලිකා ස්වරූපයෙන් මිදී ආරම්භ වූ නාලියක් ලෙස මෙම  සිත නාලිකව හඳුන්වා දිය හැකිය. මධ්‍යම පාන්තික බුද්ධිමත් සමාජයක් සඳහා ඉලක්ක ගත ග්‍රාහක පිරිසක් නිර්මාණය කර ගැනීමට සකස් වූවක් ලෙස මෙය හඳුනා ගත හැකිය. මෙහිදී වයස අවුරුදු 35 ත් 55 ත් දක්වා ග්‍රාහක පිරිසක් ආවරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙය නිර්මාණය කර ඇත. ඊට අමතරව අනෙක් ග්‍රාහක පිරිස් සඳහා ද් ආවරණයක් සිදු කර ඇත. මේ අකරයට ඉලක්ක ගත ශ්‍රාවක පිරිසක් උදෙසා නිර්මාණය කරන්නට වූ මෙම නාලිකාවේ හිමිකාරිත්වය වන්නේ නිරංග හෙට්ටිආරච්චි නැමැත්තා යි.


ලක්හඬ ගුවන්විදුලි නාලිකාව

                1996 නොවැම්බර් මස 15 වන දින මෙය ආරම්භ විය. මෙම නාලිකාව ආරම්භ කිරීමට හේතු රාශියක් තිබුණි. ලක්හඬ ආරම්භ කිරීමට අවුරුද්දකට පෙර දෙවන පෞද්ගලික නාලිකාව වූ පෙ 99 ආරම්භ වී තිබුණි. මෙයින් පසු ප්‍රබල අභියෝගයක් එල්ල නොවුනු අතර බිහි වී තිබූ සිරස තුළින් රාජ්‍ය මාධ්‍යයක් ලෙස ප්‍රබල බලපෑම්ක් එල්ල විය. ඒ අනුව මෙවැනි අවස්ථා වලදී එවකට පැවති රජය විසින් සාකච්ඡාවක් පැවැත්වූ අතර නිදහස් ආරයෙන් ගුවන්විදුලියක් ආරම්භ කළ යුතු බව සාකච්ඡා විය. එයට ලක්හඬ ලෙස නම් තැබිය යුතු බව යෝජනා වූ අතර ජපන් මැදිරි ස්ංකීර්ණයේ සංකීර්ණ 2 ක් යොදා ගනිමින් මෙය ආරම්භ විය. මෙහිදී තරුණ නිවේදකයින් සම්මුඛ සාකච්ඡා පවත්වා බඳවා ගත් අතර ඒ අයට අවශ්‍ය ඒ හා සම්බන්ධ දැනුම හා අත්දැකීම් ලබා දීමට ප්‍රවීනයින් ඉතිරිපත් විය. ඒ අනූව මිල්ටන් ගුණරත්න, චන්දන තිලකරත්න, අශෝක තිලකරත්න, අශෝක කරුණානායක, ස්වර්ණා ගුණවර්ධන යන ප්‍රවීණයන් මෙහිදී ප්‍රධාන විය. කුසුම චන්ද්‍ර අරංගල ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වූ අතර ඔහු ඒ හා සම්බන්ධ දක්ෂ පුද්ගලයකු විය. මොහු ගුවන්විදුලි පැවැත්ම සඳහා ක්‍රියා කළ අතර ආධුනිකන්ට ද මොවුන්ගේ අත්දැකීම් වැදගත් විය. නුවන් ලියනගේ, තිරන්තන රංවල, මොහාන් රාජ් මඩවල, සුදේව හෙට්ටිආරච්චි, මයුර් ලියනගේ යන අය මෙම නාලිකාවේ ආධුනිකයින් විය.
                මෙහිදී ස්වාධීන රූපවාහිනියේ සභාපති වූ නිවුටන් ගුණරත්න ලක්හඬහි ඒකාධිකාරී පාලනය ලබා ගනිමින් ක්‍රියා කළේ ය.


ශ්‍රී ගුවන්විදුලි නාලිකාව

                නාලිකාවක් ලෙස අද වන විට සමස්ත ලාංකික සමාජයම මුල් කාලීන පදනමක් මත වෙනයම් දිශානතියක් ඔස්සේ රැගෙන ගිය නාලිකාවක් ලෙස ශ්‍රී එෆ් එම් හඳුනාගත හැකිය. මෙම නාලිකාවේ උපත සිදුවන්නේ 2000 වර්ෂයේදී ය. 90 දශකය ගුවන්විදුලි නාලිකා ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂය ලෙස සනිටුහන් වෙද්දී ඊට සමගාමීව පෞද්ගලික නාලිකාවන්ගේ ආගමනය අපූරු ලෙස සිදු වන බව මෙම නාලිකාවේ ඉතිහාසය අධ්‍යයන කිරීම තුළින් අවබෝධ කර ගත හැකි වනු ඇත. 2000 වසරේ අගෝස්තු 11 වන දින ෑ්ඡ සමූහ ව්‍යාපාරයේ ව්‍යාපරික නිර්මාණයක් ලෙස ශ්‍රී එෆ් එම් ආරම්භ වන්නේ ය. මෙහි සභාපති ධූරය හොබවනුයේ මනෝජ් නිම්න වැල්ල මහතා ය. උප සභාපති ධූරය ජීවක එදිරිසිංහ මහතා යටතේ සිදු වෙමින් මේ දක්වා රැගෙන ආ ගමන් මඟ තුළින් සර්ථක තෘප්තියක් ලබන බව කිව යුතු ය.

No comments:

Post a Comment

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...