Sunday, July 29, 2018

සියදිවි හානි කර ගැනීම............

ප්‍රංශ අධිරාජ්‍යයකු වූ නැපෝලියන් බොනපාට් වරක සඳහන් කර තිබුණේ මරණයට වඩා වැඩි එඩිතර කමක් ජීවත්වීමට තබා ගත යුතු බවයග සැබවින්ම අප ආදරය කළ යුත්තේ මරණයට නොව ජීවිතයටය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වසරකට ලක්ෂ 8ක් 9ක් පමණදෙනා සියදිවි හානි කර ගැනීම නිසා මරණයට පත්වෙති.සෑම තත්ත්පර හතළිහකට වරක්ම සිය දිවි හානි කරගැනීමක් සිදුවන වන අතර ලෝකය පුරා සිදුවන මරණ අතුරින් සියයට 1ග3ක්ම සිදුවන්නේ සියදිවි හානි කර ගැනීමෙන් බව වාර්තාවේ.
කෙසේ නමුත් ගෙවී ගිය සතියක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කරනු ලැබූවේ ලෝකයේ සියදිවි නසා ගැනීමෙන් ඉදිරියෙන් සිටිනා රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බවයි.

මැරෙන බව ස්ථීර වශයෙන්ම දැන ගෙන මරණයට පත්වන පුද්ගලයා විසින්ම යොදා ගනු ලබන ක්‍රියාවක් මගින් සිදුවන මරණය සියදිවි නසා ගැනීමක් ලෙසට සමාජ විද්‍යාත්මකව විස්තර කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය 2012 වසරේදී නිකුත් කළ වාර්තාවට අනුව සියදිවි නසා ගැනීම් අනුව ලංකාව සිටින්නේ තුන්වැනි ස්ථානයේ. එහි ඉදිරියෙන්ම සිටිනා රටවල් වන්නේ,  ග්‍රීන් ලන්තය සහ දකුණු කොරියාවයි.

නමුත් 1985 වසරේ සිට 2015 වසර දක්වා වසර 30ක් තුළ ලෝකයේ සියදිවි නසා ගැනීම්වල සංඛ්‍යා දත්ත ඇසුරින්  විකිපීඩියාව” දක්වන්නේ රටවල් 107ක් අතුරින් ලංකාව 7 වැනි තැනට පත්ව ඇති බවයි. ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමට බලපානා හේතූන් ගණනාවකි.

ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම
විරැකියාව
දුගී භාවය
ණය ගැති භාවය
විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
යම් යම් ඇබ්බැහි වීම් විලන් මිදීමට නොහැකිව ඇති වන කළ කිරීම
විභාග අසමත් වීම
රැකියාවෙන් ඉවත් කිරීම
අපේක්ෂාවන් කඩ වීම

අපේක්ෂාවන් කඩ වීම නිසා ඇතිවන මානසික පීඩනය හා වෙනත් මානසික හේතූන් පදනම් කරගෙන ද සියදිවි නසා ගැනීම් ලංකාවේ බහුලව සිදුවේ. ක්ෂණිකව ඇතිවන ආවේගකාරී හැඟීම් හේතුවෙන් සුළු ප්‍රමාණයක් සියදිවි නසා ගන්නා බව වාර්තා වූවත් මෙරට සංඛ්‍යා දත්තයන් පිරීක්සිමේදී පෙනී යන්නේ සැලසුම් සහගතව සිදු කර ගන්නා සියදිවි හානි කර ගැනීම ඉහළ අගයක් ගන්නා බවය.

සියදිවි නසා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියම ක්‍රමය වස පානය කිරීමයි. වස පානය කිරීමට අමතරව ගෙල වැළලා ගැනීමල ජලයට බිලිවීමල ගඟේ මුහුදේ පැනීමල වෙඩි තබා ගැනීමල කැපීම් කර ගැනීම සහ සිරුරට වෙඩි තබා ගැනීම සිදු කර ගැනේ. කෝච්චියට පැනීමල කනේරු ඇට කෑම, ඖෂධ අධික මාත්‍රාවෙන් ගැනීම ද සිදු කරතිග අප රට තුළ තත්ත්වය මෙසේ වූවත් ඇමෙරිකාව වැනි රටවල සියදිවි හානි කර ගැනීම වැඩියම සිදුවන්නේ වෙඩි තබා ගැනීම් සහ බටහිර ඖෂධ වර්ග වැඩිපුර භාවිතා කිරීම මගින්ය. බටහිර රටවල නාගරික ප්‍රදේශ වල සියදිවි නසා ගැනීම් වැඩි අතර අර්ධ නාගරික ප්‍රදේශ වල සියදිවි නසා ගැනීම් අඩුය.

නමුත් ලංකාවේ තත්ත්වය ඊට හත් පසින්ම වෙනස්ය. මෙරට ග්‍රාමීය ප්‍රදේශ වල සියදිවි නසා ගැනීම් ඉහළ අගයක් ගන්නා අතර නාගරිකව සිය දිවි නසා ගැනීම් සාපේක්ෂව අඩුය. 1990 දශකය මැද බාගයේදී මෙරට කම්කරු පන්ති සහ ගොවි ජනතාවට අයත් පවුල් වල සමාජිකයන් අතර සියදිවි නසා ගැනීම් ප්‍රවණතාව ඉහළ අගයක් ගත්තේය. ණය තුරස් ගෙවා ගැනීමට නොහැකිව රටට බත සැපයූ ගොවියන් බොහෝ දෙනෙක් සියදිවි නසා ගත් බව ශ්‍රී ලාංකික අපට තවමත් මතකය. උතුරු-නැගෙනහිර යුදමය වාතාවරණයක් සහිත කාලයේදී  දෙමළ ජනතාව අතර සියදිවි නසා ගැනීම් ඉතා ඉහළ ගොස් තිබුණිග ජන වර්ග අනුව සියදිවි නසා ගැනීමෙන් දමිළ ජනතාව එදා ඉදිරියෙන් සිටියත් අද වන විට සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇත්තේ සිංහල ජනයා අතරය.

සියදිවි හානි කර ගැනීම් වයස හා බැලීමේදී 1980 වසර සහ ඊට පෙර වසර වලදී වයස අවුරුදු 17-25 අතර වයස් කාණ්ඩයන් අතර සියදිවි නසා ගැනීම් ඉහළ අගයක් ගෙන තිබේ. නමුත් 2000 වසරේ සිට වයස අවුරුදු 21-35 අතර වයස් කාණ්ඩයන් අතර සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් තිබේ. මේ අදහසට මීට වෙනස් අන්දමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ලංකාවේ වයස 15-44 කාණ්ඩයන් අතර සියදිවි නසා ගැණීම් ඉහළ බවය.

රටෙහි තත්ත්වය මෙසේ වූවත් ලෝකයේ බොහෝ රටවල සියදිවි නසා ගැනීම් ඉහළින්ම වාර්තා වෙන්නේ මහලු ජනතාව අතරය, නමුත් අප රටේහි ශරීර සෞඛ්‍ය සහිත තරුණ පිරිස් සියදිවි නසා ගැනීම මෙම ප්‍රශ්නයේ බැරෑරුම්කම පෙන්වනු ලබයි. වර්ෂයකට මුලු ලෝක ජනගහනයෙන් මිලියනයක් පමණ ජීවිතය නසා ගැනීම් සිදු කරන අතර 2020 වන විට එය මිලියන 1ග5ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු වාර්තා අනුව වසරකට 4000ක් පමණ ශ්‍රී ලාංකිකයන් සියදිවි නසා ගැනීම් සිදු කර ගන්නා බව වාර්තා වේ.

දිනකට අප රටේ පුද්ගලයන් 11 දෙනකු සියදිවි නසා ගැනේ. බෝ නොවන රෝග වලට ගොදුරුව අප රටේ වැඩිම මරණ සිදුවන අතර රිය අනතුරු වලින් මිය යන ප්‍රතිශතය මිය යන හේතූන් අතර දෙවැනි ස්ථානය ගෙන තිබේ.  සියදිවි හානි කර ගැනීම ලංකාවේ මරණ වල ප්‍රතිශතය වැඩි වීමට හේතුවන කරුණ ලෙසට හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය ලංකාව වැනි රටකට එතරම් සුභදායක වන්නේ නැත. රටක ජනගහනයෙන් ලක්ෂ 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සියදිවි නසා ගැනීම ප්‍රබල සමාජ ප්‍රශ්නයකිග 2014 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ සියදිවි නසා ගැනීම ජනගහනයෙන් ලක්ෂයකට 28කි.

2014 වසරේ සැප්තැබ්මර් මස නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව අනුව ලෝකයේ රටවල් 172 අතරින් සියදිවි නසා ගැනීම අතින් ශ්‍රී ලංකාව පවත්ව සිටියේ 4 වැනි ස්ථානයේය. සියදිවි නසා ගැනීම සමාජ ප්‍රශ්නයක් ලෙස සමාජ විද්‍යාව තුළ හඳුනාගන්නේ සාමාන්‍ය දෘෂ්ඨි පථය අනුව නොවේ. ඒ සඳහා විද්‍යාත්මක නිර්ණායක තර්ක උපයුක්ත කර ගෙන තිබේ. ඒ අනුව සියදිවි නසා ගැනීම් සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගනුයේ කිසියම් රටක ජනගහනයෙන් ලක්ෂයකට 15 දෙනකු සියදිවි නසා ගන්නේ නම් එය සමාජ ප්‍රශ්නයකි. නමුත් රටේ සමස්ත ජනගහනයෙන් සෑම පුද්ගලයන් ලක්ෂයකට පස් දෙනකු සියදිවි නසා ගන්නේ නම් එය සමාජ ප්‍රශ්නයක් ලෙසට නොසැලකේ. නමුත් සමස්ත ලෝකයේම සියදිවි නසා ගැනීම සමාජ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ ලෝක ජනගහනයෙන් ලක්ෂයකට 11.4ක් සියදිවි නසා ගන්නා බැවිනි.

ඉන් පසු  පුද්ගලයකුට සියදිවි නසා ගැනීමට අයිතියක් තිබේද යන්න පිළිබඳව තොරතුරු සොයා යා යුතුය.
පුද්ගලයන්ට අදාළ අයිතිවාසිකම් දේශපාලන අයිතීන් සහ සිවිල් අයිතීන් ලෙස වර්ග කිරීමේදී එම සිවිල් අයිතිවාසිකම් යටතට වැටෙන අයිතිවාසිකම් මාලාව අතර පුද්ගල ජීවිතයට ඇති අයිතිය හා ජීවිතයේ ආරක්ෂාවට ඇති අයිතිය වැදගත් වේ. මෙලෙස පුද්ගලයන්ට ජීවත් වීමට ඇති අයිතිය මිනිස් අයිතිවාසිකමක් ලෙස විශ්ව මට්ටමින්ම පිළිගෙන තිබුණද සියදිවි නසා ගැනීමට කිසිවකුටත් අයිතියක් ලැබී නැත.

මගේ ජීවිතය මට අයිතියි. එය විනාශ කර ගැනීම තමාගේ අයිතියක් බව යමෙක් සිතන්නේ නම් එය වැරදි අදහසකි. රෝම නීතියේ යුතනේසියා අයිතිය ක්‍රියාත්මකව ඇති සීමිත රටවල හැරුණු විට කිසිදු රටක පුද්ගලයන්ට සියදිවි නසා ගැනීමට නීතියෙන් අවසර ලබා දී නැතග ඒ අනුව සියදිවි නසා ගැනීම  නීතිය  තුළ අපරාධයක් ලෙස සලකනු ලැබේ.

ලෝකයේ බොහෝ රටවල සියදිවි නසා ගැනීම උග්‍ර සමාජ ප්‍රශ්නයක් වී ඇත. සියදිවි නසා ගැනීමෙන් සමාජයට මිනිසෙකු අහිමි වනවා පමණක් නොව එම තැනැත්තා අයත් පවුල් ඒකකයට වෘත්තිය හෝ රැකියා සමූහයට වෙනත් සමාජ කණ්ඩායම් වලට සහ සමස්ථ සමාජයටම නිෂේදනීය බලපෑමක් ඇති කෙරේ.
යමෙක් සියදිවි නසා ගන්නේ නම් ඊට එම පුද්ගලයා පමණක් නොව ඔහු අයත් පවුල මිතුරු සමූහය සමස්ත සමාජයටම වගකිව යුතුය.

රටේ පවත්නා නීතියට අනුව සිය දිවි නසා ගැනීම අපරාධයකි. 1998 වසර වන තෙක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඉන් බේරී සිටින පුද්ගලයන් පොලිස් පොතේ අත්සන් කිරීම අනිවාර්ය වූ නමුත් ඒ නිසාම ඔවුන්ට වන මානසික අවමානය සලකා 1998 ශ්‍රී ලංකා රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්ති ඉවත් කර ඇත.
වාර්ෂිකව සියදිවි හානි කර ගන්නන්ගේ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන සියදිවි නසා ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා 1994 වසරේදී ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලදී. නමුත් එම කොමිසමෙන් නිකුත් කළ වාර්තාවන් රටේ සියදිවි නසා ගැනීම් ප්‍රතිශතය අවම කිරීමට කෙතරම් දුරට උපකාරී වූයේද යන්න ප්‍රශ්නාර්ථයකි.

සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීමට එක් නිශ්චිත ක්‍රමයක් පෙන්වා දිය නොහැක. නමුත් සියදිවි නසා ගැනීම වළක්වා ගැනීම සමාජයකට ඇති වගකීමක් වේ. සියදිවි නසා ගැනීම නම් සමාජ ප්‍රශ්නය ඇති වීම වැළැක්වීම සඳහා පවත්නා ධනේෂ්වර සමාජ ක්‍රමය වෙනස් කර සමාජවාදී ක්‍රමයකට යා යුතුය යන්න මාක්ස්වාදී දැක්මයි. ර්ට අමතරව ධනවාදීහු  ගෝලීය ධනවාදය තුළ මාක්ස්වාදී ප්‍රවේශය නොපෙනී ගොස් ලිබරල් සමාජ දෘෂ්ඨිය  මතු වී තිබේය., එම ලිබරල් දෘෂ්ඨි පථය අනුව සියදිවි නසා ගැනීම යන සමාජ ගැටලුව පවත්වා මෙම සමාජ ක්‍රමය ඇතුළතම විසඳා ගත යුතුය යන්න අදහස් දක්වයි.

සියදිවි නසා ගැනීමේ චර්යාව පිළිබඳව ශ්‍රී ලංකා සමාජයෙහි පවත්නා දුර්මත ඉවත් කරමින් එවැනි මහජන මතයන් නිවැරදි කළ යුතුය.පුද්ගලයන් හා සමාජය අතර පවත්නා අනුකලනය හෙවත් ඒකාබද්ධතාවය පුළුල් වන අන්දමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු වේග එනම් පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය.
ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ප්‍රජා මූල සංවිධාන පවත්වාගෙන යෑම සේම සියදිවි නසා ගැනීමට තැත් කරන අය ඉන් වළක්වා ගත හැකි ක්‍රම ගැන පාසල් මට්ටමින් හා ප්‍රජා මූල සංවිධාන මට්ටමින් දැනුවත් කිරීම ද කළ යුත්තකි. පාසල් දරුවන් අතර ඇති වන මානසික කඩා වැටීම වළක්වා ගැනීමටල පාසල් සහ වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථාන වල රජය මැදිහත් වී උපදේශන සේවාවන් පවත්වාගෙන යෑම කළ යුතුය.
තරුණ පිරිස රටේ වැදගත්ම මානව සම්පත ලෙස හඳුනා ගනිමින් ඔවුන්ගේ විරැකියාව සඳහා පිළියම් යෙදීම මෙන්ම තරුණයන්ට ඔවුන්ගේ කුසලතාව ඔප්නංවා ගත හැකි අවස්ථා වැඩසටහන් සකස් කිරීම ඉතා වැදගත්ය. අධ්‍යාපනිකල සෞන්දර්යාත්මක හා සංස්කෘතික වැඩසටහන් වලට ප්‍රජාව යොමු කරමින් මිනිස් ජීවිතයේ වටිනාකම හා අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කිරීම ද සියදිවි නසා ගැනීම අවම කිරීම සඳහා කළ යුත්තක් වේ.

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...