Saturday, January 12, 2019

ජනශ්‍රැතිය හා මායායථාර්ථවාදය



ජනශ්‍රැතිය යනු  එක් සමාජ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එය සංස්කෘතියමය ආභාසය හා ජන ජීවිතය තුළින් නිර්මාණය වන සංකල්පයකි. ජනශ්‍රැතිය නිර්මාණය වීම සඳහා බොහෝ සාධක බලපානු ලබයි. එනම් සමාජ විද්‍යාත්මක ක්‍රියාවලීන් හා ආර්ථික ක්‍රියාවලීන් මෙම ජනශ්‍රැති නිර්මාණය වීම සඳහා බලපානු ලබයි. එහිදී
                           ආගම
                           ආර්ථිකය
                           සමාජ ස්ථරය
                           මනෝවිද්‍යාත්මක සාධක
                           සමාජ විද්‍යාත්මක සාධක

යනාදී කාරණා මෙන්ම සංස්කෘතිය යන  සාධකය ද වඩා බලපෑමක් ජනශ්‍රැතිය බිහිකිරීම සඳහා පාදක වන්නේ ය. මිනිසා උපතේ සිටම සංස්කෘතික ජීවියෙකු ලෙස ජීවත් වෙයි. මිනිස සිය මානසික සංතර්පණය එකිනෙකා හා බැඳී  පවත්වමින් ජනශ්‍රැතිය නිර්මාණය කරගනී. මිනිසා නිර්මාණයය වන්නේ සම්බන්ධතා මත ය. ඔහුට හෝ ඇයට සම්බන්ධතා වලින් තොරව ජීවයක් රඳා නොපවතී. සමස්ත සමාජයම සිය සාර්ථකත්වය හා කාරණා ඉටුකර ගැනීමේ අවශ්‍යතාවය මත සම්බන්ධතා ජාලයක් ගොඩනඟනී. එකී සම්බන්ධතා ජාලය ඔස්සේ මිනිසාගේ නිර්මාණශීලීත්වය ගොඩනැඟෙයි. ඒ අනූව සමාජය තුළින් මිනිසා නිර්මාණය වන බව පැහැදිලි ය. ඉන් අනතුරුව මිනිසා විසින් ඉහත සංසිද්ධීන් පාදක කොට ගනිමින් නිර්මාණාත්මක ප්‍රවේශයක් ලබා ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස ජනශ්‍රැතිය යන කාරණය නිර්මාණය වන්නේ ය. ජනශ්‍රැතිය යන සාධකය තුළ බලපවත්නා අංගයන් කීපයක් පිළිබඳ ඉතිහාසය තුළින් සාකච්ඡා කළ හැක.
                           ජන  කතා
                           ජන  ක්‍රීඩා
                           ජන ආගම්
                           ජන ඇදහිලි
                           ජන විශ්වාස
යනාදීය එකතුවෙන් නිර්මාණය වන සාම්ප්‍රදායික චින්තන  සාහිත්‍යයක්  ලෙසද ජනශ්‍රැතිය අර්ථ ගැන්විය හැකිය.
ඒ අනූව ජනශ්‍රැතිය නිර්මාණය වන්නේ මිනිස් පරිකල්පනයේ එක් අවස්ථාවක් නිරූපණය වීමෙනි. මායා යථාර්ථවාදය යනු ද එකී පරිකල්පනය හා සම්බන්ධ වන සිද්ධිදාමයේ නොපෙනෙන මානයක් සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාමය පසුබිමක් පමණි.

ඒ අනූව ජනශ්‍රැතිය සතුව නිශ්චිත රචකයෙක් නොමැත. නිශ්චිත පොත්පතක් නොමැත. ඒවා නිර්මාණය වී පවත්වාගෙන ඇත්තේ, මතක තබා ගැනීම ඔස්සේ ය. නමුත් අද වන විට මුතින් මිත්තන් හා නිර්මාණය වී තිබූ ජනශ්‍රැතිය පර්යේෂණාත්මක අරමුණකින් කෘති ලෙස සමාජය පරිභව කරමින් සිටී. කෙසේ නමුත් ජනශ්‍රැතිය හා මායා යථාර්ථවාදය යනු සහ සම්බන්ධතාවයක් පැවත්විය හැකි මානයක් දෙකකි.

අප මෙසේ නිර්මාණය කර ගත් දැනුම් පරිචය තුළ සත්‍ය වන්නේ කුමක් ද යන්න අර්ථ විවරණය කිරීම අපහැදිලි කරුණකි. නමුත් ඒවා සුන්දරය. අති රමණීය කතාන්දරය. චිත්තරූප මවන්නේ ය. ඒ නිසා මේවා යම් සාධකයක් තුළ හිඳ සත්‍ය හෝ අසත්‍ය කාරණා පසෙකලා අධ්‍යයනය කළ යුතු වන්නේ ය.

මායායථාර්ථවාදය යන්න හුදෙක් මෙය යැයි කියා පොත්පත්වල සඳහන්ව ඇත්තේ ඉතා අල්ප වශයෙනි. මායායථාර්ථවාදී නිර්මාණකරුවෙකු ලෙස සයිමන් නවගත්තේගම මහතා, මොහාන්රාජ් මඩවල මහතා, හඳුනා ගත හැකි ය. ඔවුන්ගේ කෘති අධ්‍යයනය කිරීම තුළ මායායථාර්ථවාදය පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ හැකි ය.  කෙසේ නමුත් මායායථාර්ථවාදය යනු කුමක් ද යන්න සරලව පහත ආකාරයෙන් හඳුන්වාදිය හැකි ය.

        "නිර්මාණය වී ඇති යම්කිසි කතාන්දරයක්. සිද්ධියක් හෝ විශ්වාසයක් යථාර්ථයෙන් තොර සංකේතයන් නිරූපණය වන්නේ යැයි තේරුම් ගියත් එය යාථර්ථයක් ලෙස පිළිගන්නේ ද, හා පවතින සාම්ප්‍රදායික සම්මතයන් යථාර්ථයක් ලෙස ඉදිරිපත්කොට ඇත්තේ ද එය මායායථාර්ථවාදය යි."

ඒ අනූව ජනශ්‍රැතිය හා සම්බන්ධ මායා යථාර්ථවාදය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපට විවිධ අංශයන් ඔස්සේ අවධානය යොමු කර ගත හැකි ය. ඒ අනූව මේ සම්බන්ධයෙන් දළ අදහසක් ඉදිරිපත් කළ හැකි ය.

උදා: මෝහිණී
        බෝදිලිමා
        කළු කුමාරයා
        රාවණා කතාන්දරය 
        අග්නි සංකල්පය
        මහසෝනා
මේ ආදී වශයෙන් නිර්මාණය වී ඇති සාම්ප්‍රදායික චින්තන ප්‍රවාහය තුළ ඉහත සඳහන් සංකල්පයන් ක්‍රියත්මක වන්නේ ය. එහිදී මායාව තුළ පුද්ගල ආරක්ෂාව හා සම්බන්ධ කාරණා නිර්මාණාත්මකව ප්‍රචාරය කිරීමක් ලෙස හඳුනා ගත හැකි ය. කෙසේ නමුත් ජනශ්‍රැතිය හා මායායථාර්ථවාදය පිළිබඳව අධ්‍යයනය කරන්නේ එකී සංකල්පයක් මත ය.








රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...