Sunday, July 8, 2018

වී .අයි .ලෙනින්




ව්ලැද්මීර් ඉල්යිව් උල්යානොව්ගේ ජීවිතයේ ආරම්භය  

ව්ලැද්මීර් ඉල්යිව් උල්යානොව් යනු පසු කලෙක මොහු ලෝක පූජිත වූ ලෙනින් යන විප්යලවාදියායි.
සාහිත්‍යයෙහි දැඩි ඇල්මලක් ඇති මොහුගේ මව භාෂාවන් ගණනාවක් ප්‍රගුණ කළ තැනත්තියකි. එකී අධ්‍යාපන ප්‍රගුණත්වය හේතුවෙන් ලෙනින්ගේ අධ්‍යාපන අවදියද ඉතා සාර්ථක කර ගැනීමට 1870 වර්ෂයේ අප්‍රේල් 22 වැනි දින ඉල්යා නිකලොව් උල්යානොව් පවුලට ඉතාමත් ප්‍රීතිමත් දවසක් විය. ඒ ඔවුන්ගේ පවුලට තවත් අමුත්තෙක් එකතු වූ නිසයි. සහෝදරියක් හා සහෝදරයෙක් මේ අලුත් දරුවාට විය. ඔහු නමින් ව්ලැද්මීර් ඉල්යිව් උල්යානොව් විය. මෙවන් ලෝක පූජිත වූ දරුවෙකු මෙලොවට බිහිකල මාරියා අලෙක්සැන්ඩ්‍රානා ඔහුගේ මව විය. කුඩා කල ඔහුව හඳුන්වනු ලැබුයේ වොලොද්යා යනුවෙනි. පසුව නායකයෙකු වූ ඔහු මුලු ලොවම දැන ගත්තේ වී.අයි ලෙනින් යනුවෙනි.
ලෙනින්ගේ දෙමාපියන් ජිවත් වූයේ දැඩි දරිද්‍රතාවයකිනි. පාසල් පරීක්ෂකයෙකු වූ මොහුගේ පියා සිය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව පමණක් සිය දෙනෙත් විවර කරන්නට වූයේ දිනක ඔහුගේ දරුවන් ලොව වෙනුවෙන් කැප වන බව දන්නා හැකි විය.
පවුලේ තුන්වන දරුවා වූ ලෙනින් ක්‍රීඩාව, සාහිත්‍ය, ගණිතය, විද්‍යාව හා දේශපාලනයට ඇලුම් කළා සේම එහි දක්ෂ අයෙකු විය. මුලු පාසලම පමණක් නොව මුලු ප්‍රදේශයම මොහුගේ මෙම දක්ෂතාවය අගය කරන්නට විය. අනෙක් ළමුන්ට වඩා වැඩි වේගයෙන් මොහු අධ්‍යාපනයේ දක්ෂතාවය පෙන්විය. වයස අවුරුදු 9 වන විට ද්වීතීක පාසලට ඇතුළු වූ මොහු තම පන්තියේ දුර්වල ශිෂ්‍යයන්ට පාඩම් කියා දීමට ද ඉතාමත් ප්‍රිය විය. කුඩා කල පටන්ම ඔහුගේ නායකත්ව ගති ලක්ෂණයන් පෙනෙන්නට විය. සුහදත්වය, අන් අයට උදව් කිරීම හා ඉගෙනීමෙහි දක්ෂතාවය වැනි දෑ නිරන්තරයෙන් ඉස්මතු වන්නට විය.
මොහු නිරන්තරයෙන් පොතපත කියවන්නේක් විය. තම ජීවිතය කෙරෙහි දැනුම පමණක් නොව අත්දැකීම් ද ලබා ගත්තේ මෙවන් ක්‍රමෝපායන්ගේ ආධාරයෙනි. ඊට අමතරව මව පියා හා බැඳී පවුල් පරිසරය ද මනා පිටුවහලක් විය. පුෂ්කින්, ගොගෝල්, තෝල්ස්තෝයි හා තුර්ගේනෙව් වැනි ලේඛකයින්ගේ ග්‍රන්ථ පරිශීලනයට ඉතා ප්‍රිය කළ මොහුගේ අදහස් හා චරිතය මෙතුළින් පෝෂණය වන්නට විය. ලෙනින්ගේ විප්ලවාදී අදහස් මතු වන්නට වූයේ ඔහුගේ පාසල් කාලයේ පටන් ය. දිනක් ඔහු පාසලේ ලියූ රචනාවක් කිය වු  ගුරුතුමා “ඔබ මෙහි ලියා ඇති පීඩිත පංති මොනවාද, ඒවායේ මීට ඇති සම්බන්ධය කුමක්ද? ” යන්න ප්‍රශ්න නඟා ඇත. 
ජීව්තයේ විවිධ ගැහැට විඳ ඉදිරියට පැමිණි අයෙකු වූ ලෙනින්ගේ අභියෝගාත්මක ජීවිතය පටන් ගන්නේ පියාගේ මරණයෙන් අනතුරුවයි. මෙයින් පසු එකදිගටම පැමිණියේ දුක් කම්කටොලු පිරි අභියෝගත්මක ජිවීතයකි. ඔහුගේ නායකත්ව ජීවිතය සඳහා ද මෙකී බලපෑම තිබෙන්නට ඇති. ඉන් අනතුරුව 1887 දී සිය සොයුරා රුසියානු සාර් පාලනයට එරෙහි වීම හේතුවෙන් එල්ලා මැරීමට නියම විය. ඇලෙක්සැන්දර්ගේ මරණය හා ඉදිරි ගමන් මඟ ඔහුට ඉතා වැදගත් වූයේ දූෂිත පාලනය රටෙන් තුරන් කිරීමේ අරමුණ ඔහු සිත කාවැදුනු නිසාවෙනි. සිය මව හා පියාගෙන් ලද අත්දැකීම් මෙන්ම සමාජයෙන් ලද අත්දැකීම් එකතු කොට ගනිමින් ඔහුගේ විප්ලවාදී නායකත්වයට මුල පුරන්නට පටන් ගනේ වයස අවුරුදු දාහතේ දී ය. 

තරුණ ලෙනින් නායකයා 

සිය සොයුරාගේ අභාවයෙන් පසුව පීඩිත බාවය ඉතා තදින් දැනුනු ලෙනින් තමන්ගේ විප්ලවීය ජීවිතය ඇරැඹිය. මෙම සිදුවීමත් සමඟ විප්ලවීය ව්‍යාපාරය සඳහා තම ජීවිතය වුවත් කැප කිරීමට ඔහු සූදානම් විය. තම සොයුරා ගිය ගමන් මාර්ගය තෝරා ගැනීම සඳහා ඔහුගේ සගයින් බල කරද ලෙනින් එය ප්‍රතිකේෂ්ප කළේ සර්ව සාධාරණ ලෙස නිදහස ලබා ගැනීමේ මඟක් සොයා ගත යුතු නිසාවෙනි. එතුළින් ලෙනින් නායකයෙකු ලෙස නිවැරදි මඟ තෝරා ගැනීම මෙන්ම සෘජු හා නිවැරදි තීරණ ගැනීමේ ගුණය ප්‍රකට කර ඇත. මේ කාල වකවානුව තුළදී ඒකාධිපති පාලනය තුරන් කිරීම සඳහා ක්‍රියාමර්ග ගැනීම නිසාවෙන් දාහත්වන වියේදී මොහුව කොකුෂ්කිනෝ නැමති නගරයට පිටුවහල් කරන ලදී. 
වසරකට පසු නැවත කසාන් බලා පැමිණි ලෙනින් නැවත විශ්ව විද්‍යාලය සඳහා ඉල්ලුම් කළද එය අසාර්ථක වූ තැන තමන්ගේ ජීවිතය තුළ පසුබට නොවීය. මෙහිදී අභියෝග ජය ගැනීමේ නායක ගුණය ඔහු සතුවීම ඉදිරි ගමනට පිටුවහලක් විය. මේ වන විට කසාන්හි නීති විරෝධී විප්ලවීය අධ්‍යාපන කණ්ඩායම් කීපයක්ම පැවතුනි. මෙයින් එක් කවයකට සම්බන්ධ වූ ලෙනින් මාක්ස්වාදය ඉතා හොඳින් හදාරන්න්ට විය. මාක්ස් සිය සගයා වන එංගල්ස් සමඟ කම්කරු පංතියත් මුළුමහත් වැඩ කරන ජනතාවත් ධනවාදයේ විය ගසින් මුදවාගෙන ඔවුන්ට විමුක්තිය ලබාදීමේ ක්‍රියාමාර්ගය නිර්ධන පංති විප්ලවයයි. 19 වන සියවසේ මාක්ස් හා එංගල්ස් සමාජ සංවර්ධනයේ නියාමයන් පිළිබඳව විද්‍යාවක් බිහිකොට සමාජ විප්ලවීය මාර්ගය සැලසුම් කළේය. මිනිස් සංහතිය ධනවාදී පාලනයෙන් මුදවා ගැනීමට ධනේශ්වරයේ පාලනය පෙරළා දමා නව සමාජවාදී සමාජයක් ගොඩනැඟීමට අවශ්‍ය බලවේගය නිර්ධන පංතියයි. වැටුප් උපයන, පීඩනයට භාජනය වූ, ඉතාමත් සංවිධිත වූ ඉතාමත් විප්ලවීය වූ පංතිය, නිර්ධන පංතියයි. ලෙනින් සිය තරුණ ජීවිතය තුළම අත්දැකීම් වලින් පෝෂණය වී කරුණු මෙසේ පහදා දෙයි. 
“මාක්ස් සහ එංගල්ස් ශ්‍රේෂ්ඨ ඓතිහාසික කුසලතාව නිසා ඔවුහු ලෝකයේ කම්කරුවන්ට තමන් සතු කාර්යභාරය ඔවුන්ගේ කාර්යය හා මෙහෙවර පෙන්නුම් කළෝය. එනම් ප්‍රග්ධනයට එරෙහිව විප්ලවීය අරගලයේ දී ප්‍රථමයෙන් නැගී සිටින පංතිය වීම හා එම අරගලයෙහි ඔවුන් වටා සියලු වැඩකරන සූරකනු ලබන ජනතාව ඒකරාශී වීමයි.”
1883 දී නිර්මාණය වී තිබු ශ්‍රම විමුක්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කළ මොහු නරෝද්නිකවරුන් විවේචනය කරන්නට විය. තනි තනිවම පුද්ගලික වශයෙන් සාර්වාදය පාරජය කළ නොහැකි බව ලෙනින් වටහා දුන්නේ තර්කානුකූලව කරුුණු ඉදිරිපත් කිරීමෙනි.
1891 දී මොහු ශාන්ත පීටර්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවුරුදු 4ක පාඨමාලාව මාස 18ක කාලයකින් අවසන් කළ අතර එහි දීප්තිමත්ම ශිෂ්‍යයාද විය. මීළඟ වසරේ මොහු සමාරවේ දිස්ත්‍රික් උසාවියේ නීතිඥවරයෙකු වශයෙන් පෙනී සිටියේය. ඔහුගේ සේවාදායකයින් වූයේ ප්‍රධාන වශයෙන් දුප්පත් ගොවීන් ය. ලෙනින් රුසියාවේ ගොවීන් කම්කරුවන් හා ඉතා සුහදශීලිව වැඩ කරන්නට වූයේ පොදු මිනිසත් ගුණය ඔහු තුළින් ප්‍රකට වන නිසාවෙනි. කසාන්, සරාත්ව්, සින්රාන් හා වොල්ගා යන ප්‍රදේශ වලටද ඔහුගේ සේවය මැනවින් ඉටු කළේ ය. තරුණ විප්ලවවාදී නායකයා ලෙස ලෙනින්ගේ ගුණගරුක බව හා යුක්තිසහගත බව සියලු ප්‍රජාවටම ආදර්ශයක් සැපයූවා කිවහොත් නිවැරදිය. 

දේශපාලන නායකයෙකු වූ වී. අයි ලෙනින් 

1894 වන විට ප්‍රසිද්ධියේම සිය දේශපාලන ව්‍යාපාරය ගෙනයන්නට විය. බොහෝ මිනිසුන් ඔහුව හඳුනා ගත්තේ වැදගත්කම පිළිබඳ වැදගත්කමක් නැති අයෙකු ලෙසට යි. හුදෙක් ඔහු නිරන්තර සිතුවේ තමන්ගේ යහපත් නොව සමස්ත පොදු මහජනයාගේම යහපත පමණි. දේශපාලන නායකයෙකු වශයෙන් මොහුගේ විශේෂත්වය වන්නේ තිබෙන දේ එලසින්ම ක්‍රියාවට නැංවීම නොව ඒ සඳහා නව අර්ථකථනයක් සැපයීමයි. රුසියන් සමජවාදී විප්ලවයේ ආරම්භකයා හා නායකයා ලෙස ඔහු ඉතා උපක්‍රමශීලී පුද්ගලයෙකු විය. ඒ අනූව රුසියන් විප්ලවය ජයග්‍රහණය කළ යුත්තේ එක් මිනිසෙකුගේ ව්‍යායාමෙන් නොව ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ව්‍යායාමෙන් බව ලෙනින්ගේ විශ්වාසය විය. ඔහුට මීළඟ ගැටලුව බවට පත් වූයේ සමාජවාදී සමාජයක් ඇති කිරීමේ අරමුණින් කරන්නා වූ ක්‍රියාවන් වලින් ප්‍රතිඵල ලැබීමට ජනතාවගේ අනුගාමීත්වය ලබා ගනේ කෙසේද යන්න යි. මෙසේ තම දේශපාලන ව්‍යාපරයේ සියලු ක්‍රියාවන් කෙරෙහි උපක්‍රමශීලී වූ ලෙනින් සිය ගමන ඉදිරියට රැගෙන යන්නේ ය.
1896 ලෙනින්ගේ සංවිධානයෙන් කම්කරුවන් 30,000ක් හා පැක්ටරි 20ක් සම්බන්ධ වූ වැඩ වර්ජනයක් දියත් කළේ ය. මෙයින් පසු 1897 පෙබරවාරි 23 අතඩංගුවට ගත් ලෙනින් සයිබීරියාවට පිටුවහල් කරන ලැබීය. පිටුවහල් කළ පසු ඔහු නිකන් සිටියේ නැත. ලෙනින් ව්‍යායාම කරයි. ගොවීන්ට නොමිලේ නීති උපදෙස් දෙයි. තැපෑලෙන් පොත් ලබා ගැනීමට හැකි වූ පසු ඔහු වෙහෙස නොබලා වැඩ කරන්නට විය. බි්‍රයටිස් හා සිඞ්නි ලියූ කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය නැමති කෘතිය රුසියානු බසට පරිවර්තනය කළේ මේ අතරතුර කාලය තුළදීය. මිනිසෙකු ලෙස ඔහු නොසැලෙන ගති ලක්ෂණ වලින් යුක්ත ය. කෙතරම් බාධාවන් සිය ගමනට හරස් වුවද ඒ තුළින් පවා ප්‍රයෝජන ගන්නා උපක්‍රමයක් ඔහු සතුව පැවතුනි. 
1990 දී ඉස්ක්‍රා (ගිණි පුපුර) පුවත්පත රහසේ සංවිධානය කොට බෙදාහරින්ට කටයුතු කළ ඔහු අවසන එය සිය පාලනයට ගෙන වැඩ කළේය. මෙම පුවත්පත මඟින් සිය පක්ෂය ගොඩනඟා ගැනීම සඳහා ආධාර කර ගත්තේ ය. ලෙනින්ගේ සිහියට නිතරම නැඟුණේ කුමක්ද කළ යුත්තේ යන්නයි. විප්ලවාදීන්ගෙන් යුත් සංවිධානයක් අපට ඇත්නම් රුසියාව පෙරලන්න වුවත් හැකිය යන්න ඔහුගේ මතය විය. ඒ අනූව ඔහුගේ  කළ යුත්තේ කුමක්ද යන්න කෘතිය තුළ අපුර්ව ලෙස මේ බව පැහැදිලි කොට ඇත. 
මේද කාලය තුළදී ලෙනින්ට ලන්ඩනයේදී ට්‍රොස්කිව මුණගැසෙයි. මොහු හා එකතුව විශාල වැඩ කොටසක් සිදු කිරීමට ලෙනින්ට හැකි විය. 1902 ප්‍රථම රුසියානු සම්මේලනය ද, 1903 දී දෙවන සම්මේලනය ද පැවැත්වීමට මොහුට හැකි විය. මෙම සැසිවාරයේදී නිර්මාණය කර ගත් මොවුන්ගේ සංවිධානය දෙකඩ විය. ඒ බොල්ෂේවික් හා මෙන්ෂේවික් යන ලෙසටය. ග්‍රාමීය විරැකියාව සිය ලක්ෂයකි. ඉඩම් කුලිය දෙගුණ වේ. ධාන්‍ය අපනයනය මඟින් මහා ලාභ උපයති. සාර්ගේ යුද්ධය කෙළවර වන්නේ පරාජයකිනි. මෙවන් වටපිටාවක් තුළ පළමු විප්ලවාදී වෙඩි උන්ඩය පත්තු විය.
1905 දී පළමු කම්කරු අරගලය ඇති විය. 1904 දී ඇතිවූ ජපන් රුසියානු යුද්ධයෙන් පසුව පරාජයට පත් රුසියාව දුර්වල වූ නිසාවෙන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් ට්‍රොස්කි අරගලයක් දියත් කළේ ය. මේය පාරාජය වූ නමුත් සමාජවාදී විප්ලවකාරීන්ට මෙය මහඟු අත්දැකීමක් බවට පත් විය. බොල්ෂේවික් පක්ෂය සිය කම්කරු සම්මේලනයන් 5කින් අනතුරුව 1912 දී පක්ෂයේ නීත්‍යානුකූල පුවත්පතක් ලෙස ප්‍රව්ඩා (ඇත්ත) නිර්මාණය කළේය. ජනතාවගේ දැනුම හා තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මෙවන් ක්‍රියාවන් ලෙනින් විසින් ඉටුකළේ සර්ව සම්පූර්ණ නායකයෙකු යන වගද අඟවමිනි. 1914 දී පළමු ලෝක සංග්‍රාමයට මුලපිරීම සිදු විය. යුද්ධය නවතා දැමීමට නොහැකි වූ තැන මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ලෙනින්ට හැකි විය. 
1917 විප්ලවය ආරම්භ විය. දරිද්‍රතාවයෙන් පෙලුනු පීඩිත ජනයා වීදී බැස තම අප්‍රසාදය සාර් පාලනය කෙරෙහි එල්ල කරයි. මේ ජනතාව කෙරෙහි නායකත්වය සපයමින් ලෙනින් ප්‍රමුඛ බොල්ෂේවික්වරු ඉදිරියට ගමන් කළෝ ය. 1917 මාර්තු වන විට සාර් පාලනය අතුගා දමන්නට රුසියානු සාමාජ විප්ලවයට හැකි විය. නමුත් රටේ ප්‍රධාන බලය ලෙස මධ්‍යම පාංතිකයින් යටතේ තාවකාලික ආණ්ඩුවක් පත් කර ගත්තේ ය. ලෙනින් ඇතුළු සමස්ත රුසියාවම බාලපොරොත්තු වූ  සාමය මෙම තාවකාලික ආණ්ඩුව මඟින් ඉටු නොවී ය. එම නිසා සංවිධානය වූ ලෙනින් සමාජවාදී විප්ලවය ආරම්භ කරයි. එක් අවස්ථාවක අතඩංගුවට ගැනීමට පැමිණිය ද ලෙනින් එයින් මිදී පලා ගොස් සංවිධානය විය. “දැන් අප බලය අල්ලා නොගත්තොත් ඉතිහාසය අපට සමාවක් නොදෙනු ඇති.” යනුවෙන් සඳහන් කළ ඔහු 1917 ඔක්තෝම්බර් 24, 25 දිනයන්හි විප්ලවය දියත් කළේ ය. ඉන් අනතුරු ලොව පළමු සමජවාදී රාජ්‍ය බිහිකිරීමට ලෙනින් ප්‍රමුඛ බොල්ෂේවික්වරුන්ට හැකි විය. 
ලෙනින් නායකයෙකු ලෙස තම වගකීම ඒ අයුරින්ම ඉටු කළේය. වගකීමසහගත නායකත්වය හා කැපකිරීම මෙන්ම නොනැවතී ඉදිරියට යෑම ප්‍රයෝගික දක්ෂතාවය මත ඔහු සිය ජයග්‍රහණය ලඟා කර ගත්තේය.

ලොව මුල්ම සමාජවාදී රාජ්‍ය නායකයා 

ලෙනින් ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍ය නායකයා බවට පත් වීමෙන් පසු වැඩිකලක් සිය ජිවිතයේ රට වෙනුවෙන් සේවය කිරීමට නොහැකි වෙයි. වයස අවුරුදු 46ක් වන විට හෘදයාබාදයකින් ඔහු මිය යන්නේ ය. ඊට ප්‍රථම විශාල වැඩ කොටසක් සිය සමාජය වෙනුවෙන් ඉටු කර ඔහු අප අතරින් නික්ම ගියේය. ප්‍රායෝගික මාක්ස්වාදියෙකු ලෙස හඳුනාගන්නා මොහු ක්‍රියාවෙන් සියල්ල ඔප්පු කර පෙන්වීය. 
1917 දෙසැම්බර් මාසයේදී බ්‍රෙස්ට්ලිටෝව්ස්කි දී ජර්මනිය හා සාම ගිවිසුමක් අත්සන් කෙරේ. 1918 ජනවාරි බොල්ෂේවික් පක්ෂයේ සැකසුම් ආර්ථික වැඩපිළිවෙළ අනුමත කරයි. 1919 දී තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවනු ලබයි. කලහකාරී සමාජ වටපිටාවක් තුළ රුසියාව පමණක් කොමියුනිස්ට් බලවේගය ජය ගනී. කඩාකප්පල් වී තිබූ රුසියානු ආර්ථිකය නැවත ගොඩනැගීමට මොහු කටයුතු කරයි. 1921 නව ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමෙන් රට තුළ ඇති සාගතය, ආර්ථික අහේනිය නිමා කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කළේය.
සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගුවද රුසියාව වටා ඇත්තේ ධනවාදය බිහිවන රටවල් හා බිහි වූ රටවල් ය. එම නිසා තනි රාජ්‍යයක් ගෙනයෑමේ දැඩි අපහසුතාවයකට පත් වුවද කිසිවක් අත්නොහැරීය. ධනවාදී සියලු රටවල් ඇස ගසා සිටින රුසියාවට විවිධ ආක්‍රමණයන් එල්ලවන්නට විය. නමුත් මෙම ගමන අතරතුර රුසියානු අසහාය නායකයා 1924 දී හෘදයාබාදයකින් මරණයට පත් වෙයි. ඔහු සිය ජීවිතයෙන් සමුගත්තද තවමත් විප්ලවාදී සිත් තුළ ඔහුගේ ගාම්භීර, නිදහස්කාමී හඬ තවමත් රැව්පිළිරැව් දෙනු ඇති.

සාරාංශය 

ලොකයේ මුල්ම සමාජවාදී නායකයා වන වී. අයි ලෙනින් නම් වූ විප්ලවාදියා සිය ජීවිතය තුළ අප්‍රමාණ දුක් ගැහැට වලින් පීඩා විඳ අවසන තම අරමුණ කරා ලඟා වූ අයෙකි. අද වනවිට බොහෝ රටවල් සමරනු ලබන නායකයෙකු ලෙස ලෙනින් මුලුමහත් ලෝකයටම ආදර්ශයක් සැපයූ අයෙකි. සමාජවාදය න්‍යායක් පමණක් නොව එය ක්‍රියාවට නැංවිය හැකි එකක් බව රුසියානු විප්ලවය අවසානයේදී ඔහු පෙන්වා දුනි. නායකයෙකු පමණක් වූ සැණින් ඔහුට ජයග්‍රාහකයෙක හා සාර්ථක පුද්ගලයෙකු විය නොහැකි ය. ඒ සියල්ලටම ආදර්ශයක් සපයමින් ලෙනින් නම් වූ අද්විතීය සමාජවාදී නායකයා සිය ජීවිත කතාව තුළ නායකත්ව ලක්ෂණ ඉතා හොඳින් පෙන්නුම් කර ඇත .
නායකයෙකු ලෙස තමන්ගෙන් ඉටු විය යුතු සේවය නිවැරැදිව තෝරාගැනීම 
යහපත් ගමනකට මූලාරම්භය තැබීම 
අභියෝගයන්ට මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානය 
නොනවතින උත්සහය 
පෞද්ගලික අරමුණු ඉවත් කොට පොදු අරමුණු ඔස්සේ සේවය කිරීම 
උපක්‍රමශීලී බව 
නිවැරදි තීරණ ගැනීමේ හැකියාව 
අනෙකාට උදව් කිරීම 
සුහදශීලීත්වය 
සහයෝගය 
අනෙකාට ගරු කිරීම මිනිසත් බව
නිහතමානී බව 
ඉවසීම 
ඉගෙනුමට ඇති දක්ෂතාවය 
අන් මත ඉවසීම හා ගරු කිරීම 
මෙකී ලක්ෂණයන්ගෙන් හෙබි යහපත් මිනිසෙකු වන ලෙනින් තම ජිවීතයේ අවසන් මොහොත දක්වාම නොනැවතී ඉදිරියට ගමන් කළේය.

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...