Thursday, June 7, 2018

රහස් අසිපත




''මීෂා මගෙ කොල්ලෝ , ජීවිතේ කියන්නෙ හරියට මහ මුහුදක් වගෙයි. ඔයා තමන් ගැන විතරක් හිතන කෙනෙක් උනොත් නම්, එතකොට ඔයා හරියට පතුල හිල් වෙච්ච බෝට්ටුවක මූද මැද්දෙ තනි වුනු හුදකලා ධීවරයෙක් වගෙයි තමයි. එහෙම වුනොත් ඔයා හැම වෙලේම නොගැඹුරු දියට වෙලා ඉන්න බලයි.එකම වෙරළ දිහා බලා ඉදියි. ඉරුන රෙදි පාන්කඩ වලින් බෝට්ටුවේ හිල් වහ ගන්න වීර්ය කරයි.හැබැයි ඔයා ජනතාව උදෙසා ජිවත් වෙනවානම්, අන්න එතකොට ඔයා බොහොම විශාල නැවක ගමන් කරන කෙනෙක් වගෙයි.ඒ විතරක් නෙවෙයි හරිම පුළුල් ලෝකයක් ඔයාට ඇරෙයි.කිසිම කුණාටුවකට බෑ ඔයාව බය වද්දන්න! මුළු ලෝකයම ඔයාගෙයි! ඔයා එතකොට ඔයාගෙ සහෝදරයන් වෙනුවෙන් වැඩ කරයි.ඒ අය ඔයා වෙනුවෙන් වැඩ කරයි. පේනවද ! අන්න එහෙම තමා හොඳ......''

(පොලෙවොයි යුද්ධය සඳහා මීෂාගෙන් වෙන් වන විට අලුත් පරම්පරාවකගේ ශක්තිය වෙනුවෙන් දුම්රියේ දී මිෂාට සිය වදන් පෙළ මුදා හරින අවස්ථාව)


පොලෙවොයි සහ ෂූර්බින්,  ඒ ලෙනින් හා එක්ව රුසියානු විප්ලවය ජයගත් පෙරමුණයි.
නිකිට්ස්කි සහ ෆිලින්, ඒ ප්‍රති විප්ලවයට දර දිය ඇදි, විප්ලවයේ විනාශය පැතූ පෙරමුණයි.
මීෂා සහ ජෙන්කා, ඒ විපලවයෙන් පසු බිහිවන නව ලොවෙහි නායකත්වය දැරීමට උරුම ලද පරපුරයි.
සෝවියට්වරයෙක්, ව්‍යාජ කොමියුනිස්ට්වාදියෙක් වූ අනතොලි රිබාකොව් නම් වූ අපූර්ව නිර්මාණකරුවා මේ පෙරමුණු ත්‍රිත්වයම කදිමට ගලපමින් රුසියානු විප්ලවයෙන් පසු නව සෝවියට් දේශයේ ගොඩනැඟෙමින් පැවති සමාජය හා එහි සැබෑ උරුමකරුවන් වූ ළමා හා යෞවන පරපුර කොමියුනිස්ට්වරුන් ලෙස ගොඩනැඟීමේ මංපෙත විහිදි අයුර පිළිබඳ මනහර සිතුවමෙන් පන්හිදෙන් නිමවයි.
  

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...