Saturday, July 28, 2018

ලොව ප්‍රථම අභ්‍යවකාශගත කාන්තාව






අද ලෝකයේ කාන්තාවක් අභ්‍යවකාශගත වීම යනු එතරම් ආශ්චර්ය උපදවන සිදූවීමක් නම් නොවේ. නමුත් අදටත් වඩා පුරුෂාධිපත්‍යය ප්‍රකාශයට පත් වූ යුගයක කාන්තාවක් ප්‍රථම වරට අභ්‍යවකාශගත වීම, කාන්තාවට හිමි නිසි තැන පෙන්වීමට ගත් උත්සාහයේ විශිෂ්ට ජයග්‍රහණයකි .1963 ජුනි මස 14 වන දින පැය 70 මිනිත්තු 50 ගුවනේ රැඳී සිටිමින් අභ්‍යවකාශය ජය ගත් ප්‍රථම කාන්තාව ලෙස වැලන්ටිනා තෙරෙස්කෝවා ඉතිහාසගත වූවා ය.  එයින් වසර 55 කට පසුව වුවද, අදත් ලොව ඇතැම් රටවල  සති පූජා පැවැත්වෙන, වැන්දඹු  ආශ්‍රම පැවැත්වෙන යුගයක එදා ප්‍රථම වරට කාන්තාවකට අභ්‍යවකාශය ජය ගැනීමට මඟ විවර  වූයේ කෙසේදැයි දැන ගැනීම වටින්නේ ය. ඒ වනාහී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ මගපෙන්වීමයි. සමාජවාදයේ විජයග්‍රහණයයි.

1937 මාර්තු මස 6 වන දින උපත ලැබූ තෙරෙස්කෝවා සමාජවාදී සෝවියට් දේශය තුළ ගගනගාමීවරියක  ඉංජිනේරුවරියක සහ දේශපාලනඥවරියක වශයෙන් කටයුතු කර ඇත.  ගගනගාමීවරියක වීමට පෙර ඇය ඇඟලුම් කම්හලක සේවිකාවක් වශයෙනුත්,  ආධුනික ගගනගාමියෙකු වශයෙනුත් සේවය කර ඇත. අප රටේ නම් කම්හල් සේවිකාවකට, ගගනගාමීවරියක නොව ගුවන් නියමුවරියෙකු වීම ද සිදුවිය නොහැක්කක් සේ දක්නට හැකිය. සමාජවාදී සෝවියට් දේශය තුළ ඊට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබුණේ කුඩා කල පටන් සියලු දරුවන්ට සමාන අධ්‍යාපනයක් ලබා දීමත්, ඔවුන් විශේෂ දක්ෂතා දක්වන ක්ෂේත්‍ර ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ඉඩ ලබාදීමත් තුළිනි. ප්‍රථම කාන්තා ගගනගාමීවරියන්ගේ කණ්ඩායම විසුරුවා හැරීමෙන් අනතුරුව තෙරෙස්කෝවා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකාවක වූවා ය. අනතුරුව සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන තුරුම ඇය ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවා ය. ඇය සෝවියට් දේශයේ පමණක් නොව මුළු ලොවේම වීරවරියක බවට පත් වූයේ සමාජවාදී විශිෂ්ට නිර්මාණයක් නිසාම ය.

සමාජවාදී සෝවියට් දේශයේ එකම නිර්මාණය තෙරස්කෝවා පමණක් නොවේ. අභ්‍යවකාශය ජය ගත් ප්‍රථම රට වන්නේ ද සමාජවාදී සෝවියට් දේශය යි. ලයිකා බැල්ල අභ්‍යාවකාශගත කිරීමත්, යූරි ගගාරීන් අභ්‍යවකාශ ගත වීමත්, එහි සමාජවාදී යුගය තුළ සිදු විය. මේ ක්ෂේත්‍රය තුළ පමණක් නොව තවත් බොහෝමයක් ක්ෂේත්‍ර ඔස්සේ ද, ජයග්‍රහණය ලබාගැනීමට සමාජවාදී සෝවියට් දේශය සමත් විය.  ඒ හැමටම හේතු වූයේ පැවති සමාජවාදී සමාජ ක්‍රමය ජනතා සුබ සිද්ධිය උදෙසා ම පමණක් වූ සමාජ ක්‍රමයක් වීමයි. එය සෝවියට් දේශයේ සියලු වැඩිහිටියන් සහ තරුණයන්  නිෂ්පාදන කාර්යයට දායක වූත්, එහි  සියලු ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණ ලෙස බෙදී යන පරිදි වූත් සමාජ ක්‍රමයක් විය. ලොව අනාගතය බඳු වූ දරුවන් සෑම වැඩිහිටියෙකුගේම වගකීමක් සේ සමාජවාදී සෝවියට් දේශය තුළ සලකන ලදී.  ඒ අනූව කිසිදු දරුවකු හිංසාවට ලක් නොවූ අතරම,සෑම දරුවෙකුටම සමසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමි විය. එසේම කිසිදු දරුවකුට පෝෂණ ඌනතාවන්ට  මුහුණ දීමට සිදු නොවීමෙන්, නිසි පරිදි  අධ්‍යාපනය ලැබීමට ද ඔවුනට හැකි විය. ඉතින් සමාජවාදී සෝවියට් දේශය තුළ දරුවකුම, නිසි අධ්‍යාපනයකින් යුතු වූ  තරුණ තරුණියන් බවට පත් විය. ඔවුන් ගැහැනු පිරිමි භේදයකින් තොරව දක්ෂතාවයන්ගෙන් පරිපුර්ණ වැඩිහිටියකු බවට පත්විය.  එමෙන්ම තෙරෙස්කෝවලා, ගගාරින්ලා මෙන්ම ගෝර්කිලා, කරපෙත්‍යානොව්ලා  බිහි වූයේ ද, මේ වනතුරුත් ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් රට සමාජවාදී සෝවියට් දේශය වීමට හැකි වූයේ ද ඒ අයුරිනි ය. කාන්තා පිරිමි භේදයකින් තොරවව දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වැඩිහිටියන් පිරිසක් බිහි කිරීමටත්, ඔවුන් බොහොමයකට ලොව ජයගන්නටත් සමාජවාදී සෝවියට් දේශයට හැකි විය. ඒ සියල්ල සමාජවාදී සෝවියට් දේශයේ අපුරු නිර්මාණයන් ය. සියලු මිනිසුන් සමාන සේ සලකන, සියලු දරුවන් සෑම වැඩිහිටියකුගෙන් වගකීමක් සේ සමාජයේම දරුවන් සේ සලකන ලොවක් බිහි වූ යුගයක මෙවන් ජයග්‍රහණ බොහෝමයක්  මිනිසා සතු වනු ඇත.

                                                                                                         උපුටා ගැනීම - ලංකා පුවත්පත 

2 comments:

රහස් අසිපත

පුවත්පත් හා ආචාරධර්ම

” මා අත ඇති සැරයටිය මට  ඕනෑ ලෙස වැනිය හැකිය. එසේ වැනීම අනේකාගේ නාසය ලඟින් සීමා වේ.” යනුවෙන් ජනමාධ්‍ය නිදහස හා වගකීම පිළිබද ප‍්‍රකට දාර්...